udawalawa

udawalawa
park

Monday, May 19, 2014




උඩවලව ජලාශය

Map showing the location of උඩවලව ජාතික උද්‍යානය

උඩවලව ජලාශය ශ්‍රිලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිට ඇති ජලාශයකි. 1963 වසරේ ඉදි වූ මෙම ජලාශය දැනට ශ්‍රිලංකාවේ ඇති තුන්වන විශාලතම ජලාශය වේ. උඩවලව, ඇඹිලිපිටිය ,හම්බන්තොට ප්‍රදේශ වලට මෙමගින් ජලය සැපයෙන අතර මෙම ප්‍රදේශයේ ජනාවාස ඇති වීම උඩවලව ජලාශය ඇතිවීමත් සමග සිදු වුනි. ප්‍රදාන වශයෙන් වී ගොවිතැන හා කෙසෙල් වගාවට ජලය සපයන මෙම ජලාශය සතුව විදුලි බලාගාර දෙකක් ඇති අතර එමගින් ජාතික විදුලිබල සැපයුමට දායක වෙති. උඩවලව ජලාශය ශ්‍රිලංකාවේ ප්‍රදනතම ගංගාවක් වන වලවේ ගඟ හරස් කොට ඉදිකොට තිබෙන අතර උඩවලව ජාතික වන උද්‍යානය. ජාතික අලි අනාථාගාරය හා සංඛපාල රජමහා විහාරය මීට නුදුරින් පිහිට තිබේ.






හෙක්ටයාර 3400 ක් පුරා විහිදුණු උඩවලව ජලාශය මූලික කර ගනිමින් මෙම වනෝද්‍යානය ඉදිකර ඇ‍ත. රත්නපුර හා මොණරාගල යන දිස්ත්‍රික්කයන් දෙකටම අයත් වන මෙම වන උයන තුල අතරමැදි තෙත් කලාපීය දේශගුණයක් දැකිය හැකිය.

1972 ජූනි 30 වෙනිදා මෙය ජාතික වනෝද්‍යානයක් වශයෙන් නිල වශයෙන් ප්‍රකාශයට පත කර තිබේ. මෙයට හෙක්ටයාර් 3018ක භූමි ප්‍රමාණයක් අයත් වේ.

අලි ඇතුලු නොයෙකුත් සත්වයන්ගේ නිවස්නක් ලෙසත්, උඩවලව ජලාශයේ ජල පෝෂක ප්‍රදේශය ලෙසත් මෙම වන බිම වැදගත් තැනක් උසුලයි. වලවේ ගඟ හා මව් ආර මේ හරහා ගලා බසී. උඩවලව ජලාශය සාදා ඇත්තේ මෙම වලවේ ගඟ හරස් කිරීමෙනි.

සතුන් රැසක් සිටිනා වනෝද්‍යානයක් වුවද අලි සඳහා උඩවලව වන උයන වඩාත් ප්‍රකටය. ඒ දවසේ ඕනෑම වෙලාවක මෙහිදී අලි දැකිය හැකි බැවිනි. ඒ කතාව අපිටත් ඇත්ත බව සිතුනේ අවස්ථා කිහිපයකදීම සමීපව අලින් දැකීමට හැකිවූ බැවිනි. එම ඡායාරූප වෙනමම දක්වා තිබේ. අලින්ට අමතරව තවත් සතුන් රැසක් අපේ ඇස ගැටුණු අතර ඔවුන්ගේ ඡයාරූපද මේ සමඟ දක්වා ඇත.

http://ireshikamadhuwanthi.files.wordpress.com/2009/10/dscf0009-thb.jpg
Add caption



ප‍රිස‍ර විද්‍යානුකුලව

ජලාශය අවට වගුරැ බිම්, තණ භූමි සහ වනාන්ත‍ර සිය ජන්ම භූමිය ක‍රගෙන ඇත. ජලාශය තුළ ඇති අජීවී ගස් අමුණ ඉදිකිරීමට පෙර පැවති වනය පිළිබඳ විස්ත‍ර කියාපායි. විවිධ ඇල්ගා පැළෑටි වර්ග Pediastrum සහ Scenedesmus spp. ජලාශයේ දක්නට ඇත. පුරාණ හේන් ගොවිතැන් නිසා ඇති වූ විවෘත තණ බිම් බොහෝ දැකිය හැක. අමුණට පහළින් දකුණු මායිමට එපිටින් තේක්ක වගාවක් දැකිය හැක. මෙය වගා ක‍ර ඇත්තේ උද්‍යානය ප්‍රකාශයට පත් කිරීමට පෙරය. මෙහි ශාඛ විශේෂ 94, මාළු විශේෂ 21, උහය විශේෂ 12, උරග විශේෂ 33, පක්ෂී විශේෂ 184 (සංක්‍රමණික විශේෂ 33) ක්ෂීරපායී විශේෂ 43 වාර්තා වී ඇත. මෙයට අමත‍රව සමනලුන් විශේෂ 135 ද සොයාගෙන ඇත.