උඩවලව

උඩවලව ජලාශය
උඩවලව ජලාශය ශ්‍රිලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිට ඇති ජලාශයකි. 1963 වසරේ ඉදි වූ මෙම ජලාශය දැනට ශ්‍රිලංකාවේ ඇති තුන්වන විශාලතම ජලාශය වේ. උඩවලව, ඇඹිලිපිටිය ,හම්බන්තොට ප්‍රදේශ වලට මෙමගින් ජලය සැපයෙන අතර මෙම ප්‍රදේශයේ ජනාවාස ඇති වීම උඩවලව ජලාශය ඇතිවීමත් සමග සිදු වුනි. ප්‍රදාන වශයෙන් වී ගොවිතැන හා කෙසෙල් වගාවට ජලය සපයන මෙම ජලාශය සතුව විදුලි බලාගාර දෙකක් ඇති අතර එමගින් ජාතික විදුලිබල සැපයුමට දායක වෙති. උඩවලව ජලාශය ශ්‍රිලංකාවේ ප්‍රදනතම ගංගාවක් වන වලවේ ගඟ හරස් කොට ඉදිකොට තිබෙන අතර උඩවලව ජාතික වන උද්‍යානය. ජාතික අලි අනාථාගාරය හා සංඛපාල රජමහා විහාරය මීට නුදුරින් පිහිට තිබේ.
හෙක්ටයාර 3400 ක් පුරා විහිදුණු උඩවලව ජලාශය මූලික කර ගනිමින් මෙම වනෝද්‍යානය ඉදිකර ඇත. රත්නපුර හා මොණරාගල යන දිස්ත්‍රික්කයන් දෙකටම අයත් වන මෙම වන උයන තුල අතරමැදි තෙත් කලාපීය දේශගුණයක් දැකිය හැකිය.
1972 ජූනි 30 වෙනිදා මෙය ජාතික වනෝද්‍යානයක් වශයෙන් නිල වශයෙන් ප්‍රකාශයට පත කර තිබේ. මෙයට හෙක්ටයාර් 3018ක භූමි ප්‍රමාණයක් අයත් වේ.
අලි ඇතුලු නොයෙකුත් සත්වයන්ගේ නිවස්නක් ලෙසත්, උඩවලව ජලාශයේ ජල පෝෂක ප්‍රදේශය ලෙසත් මෙම වන බිම වැදගත් තැනක් උසුලයි. වලවේ ගඟ හා මව් ආර මේ හරහා ගලා බසී. උඩවලව ජලාශය සාදා ඇත්තේ මෙම වලවේ ගඟ හරස් කිරීමෙනි.
සතුන් රැසක් සිටිනා වනෝද්‍යානයක් වුවද අලි සඳහා උඩවලව වන උයන වඩාත් ප්රකටය. ඒ දවසේ ඕනෑම වෙලාවක මෙහිදී අලි දැකිය හැකි බැවිනි. ඒ කතාව අපිටත් ඇත්ත බව සිතුනේ අවස්ථා කිහිපයකදීම සමීපව අලින් දැකීමට හැකිවූ බැවිනි. එම ඡායාරූප වෙනමම දක්වා තිබේ. අලින්ට අමතරව තවත් සතුන් රැසක් අපේ ඇස ගැටුණු අතර ඔවුන්ගේ ඡයාරූපද මේ සමඟ දක්වා ඇත.
![]() |
Add caption |
පරිසර විද්‍යානුකුලව
ජලාශය අවට වගුරැ බිම්, තණ භූමි සහ වනාන්තර සිය ජන්ම භූමිය කරගෙන ඇත. ජලාශය තුළ ඇති අජීවී ගස් අමුණ ඉදිකිරීමට පෙර පැවති වනය පිළිබඳ විස්තර කියාපායි. විවිධ ඇල්ගා පැළෑටි වර්ග Pediastrum සහ Scenedesmus spp. ජලාශයේ දක්නට ඇත. පුරාණ හේන් ගොවිතැන් නිසා ඇති වූ විවෘත තණ බිම් බොහෝ දැකිය හැක. අමුණට පහළින් දකුණු මායිමට එපිටින් තේක්ක වගාවක් දැකිය හැක. මෙය වගා කර ඇත්තේ උද්‍යානය ප්‍රකාශයට පත් කිරීමට පෙරය. මෙහි ශාඛ විශේෂ 94, මාළු විශේෂ 21, උහය විශේෂ 12, උරග විශේෂ 33, පක්ෂී විශේෂ 184 (සංක්‍රමණික විශේෂ 33) ක්ෂීරපායී විශේෂ 43 වාර්තා වී ඇත. මෙයට අමතරව සමනලුන් විශේෂ 135 ද සොයාගෙන ඇත.
උඩවලව ජාතික උද්‍යානය

උඩවලව පක්ෂීන් නැරබීමටද හොඳ භූමි භාගයකි. නේවාසික අභිජනන පක්ෂීන් අතර Sri Lanka Spurfowl, Red-faced Malkoha, Sri Lanka Grey Hornbill, Brown-capped Babbler, සහ Sri Lanka Junglefowl යන පක්ෂීන් වේ. White Wagtail සහ Black-capped Kingfisher කලාතුරකින් පැමිණෙන ස්ංක්රමිණික පක්ෂීන් වේ. cormorants, the Spot-billed Pelican, Asian Openbill, Painted Stork, Black-headed Ibis සහ Eurasian Spoonbill යන පක්ෂීන් ද ඇතුලත්ව විවිධ ජලජ පක්ෂි ප්රභේධයන්ද මෙම උද්‍යානය වෙත පමිණේ. විව්ර්ත උද්‍යාන ප්‍රදේශ White-bellied Sea Eagle, Crested Serpent-eagle, Grey-headed Fish Eagle, Booted Eagle, සහ Changeable Hawk-eagle වැනි පක්ෂීන් උද්‍යානය වෙත ආකර්ෂණය කරයි. Indian Roller, Indian Peafowl, Malabar Pied Hornbill සහ Pied Cuckoo ඇතුළු භූමි පක්ෂීන් බහුලය.
යාල වනෝද්‍යානය සියවස් ගණනාවක සිටම වන සතුන් සඳහා ප්‍රචලිත තැනකි .ගමෙහි ලොකු කුඩා සෑම ක්ෂීරපායි සතකුම පාහේ :විශේෂ 40 දිවි ගෙවයි. අලි-ඇතුන් සඳහා මෙන්ම කොටි වළසුන් සඳහා ද මෙතරමි ප්‍රචලිත වනෝද්‍යානයක් සිරිලක නැති තරමි ය.කලාප අංක එක තුළ පමණක් වාර්ෂිකව අලි-ඇතුන් 150 ක් පමණ ද කොටියන් 40 ක් පමණ ද දැකගත හැකිය. මූවා, ගෝනා, ඌරා, නරියා, වල්හාවා, හෝතඹුවා වැනි සතුන්ගෙන් යාලට අඩුවක් නැත.කුරුල්ලන් අතරින් නේවාසිකයන් 130 ක් පමණ ද සංක්‍ර මණිකයන් 30 ක් පමණ ද දැකගත හැකිය. ජලාශ්‍රිත මෙන්ම වන බද කුරුල්ලන් රැසකට යාල හොඳ නවාතැනකි. ජලාශ්රිඹත කුරුල්ලන් පළටුපාන වැව ,හීන් වැව ආශ්‍රිතව ප්‍රධාන ලෙසම කැදලි තනයි.ඇඔල කොකුන්, ලවිවරතුඩුවන්, ලහැදි ආලාවන් ,සුදු කොකුන්, අඑ කොකුන්, පිදිලි මානාවන්, බහුරු මානාවන්, සිලිබිල්ල ඔලෙවියන් ජලාශ්‍රිත ප්‍රදේශ වල බහුල ය. වළිකුකුළලා, මොණරා බහුල වනබද බිමි සැරයෝ වෙති. කිඹුලන් ,පිඹුරන් ,නයින්, පොළඟුන් ඇතුඑ උරගුන් රැසකගේ වාසස්ථානයකි.ඉබිබන් විශේෂ පමණක් නොව කැස්බෑවන් ද ,වැලි පොළඟා, වැලි පිඹුරාද යාලෙන් වාර්තා වී ඇත. කිඹුලන් 1000 ක් පමණ මෙහි වෙසෙති. මත්ස්‍යයන් , උභයජිවින්, කෘමීන් ,මොලස්කාවුන් වැනි සංවෙදී සතුන් අතින් ද යාල පොහොසත් ය. ගමෙි හැරෙන්නට යාල ජාතික වනෝද්‍යානය මුහුදු රාජලියා ,වැවි රාජලියා ,සර්ප රාජලියා ,බමුණු පියා ,උකුස්සා, ලකඑ උකුස්සා ,කොණ්ඩ රාජලියා වැනි මාංශ භක්ෂකයන්ගේ ද නිවහනක් වෙයි.
![]() |
Add caption |



භෞතික ලක්ෂණ
උඩවලව ජාතික උද්‍යානය ශ්‍රී ලංකාවෙ තෙත් සහ වියළි කළාප වලට මායිම්ව පිහිටයි. තැනිතාලා වලින් භූමිය ඝහන අතර කඳු සහිත බවක්ද දක්නට ඇත. කල්තොට කඳු වැටිය සහ දියවිනි ඇල්ල උද්‍යානයේ උතුරු දෙසින් පිහිටන අතර ඒ සමඟ බඹරගල සහ රෙමිනිකොත පිහිටයි. මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිලීටර් 500 (අඟල් 59) පමණ වේ. වැඩිපුරම වාර්ෂාව ඇදහැලෙනනුයේ ඔක්තෝම්බර් සිට ජනවාරි සහ මාර්තු සිට මැයි දක්වාය. මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 27–28 (ෆැරන්හයිට් අංශක 81–82) පමණ වන අතර සාපේක්ෂ ආර්ද්‍රතාවය 70% සිට 82% දක්වා වේ. හොඳින් ජලය බසින රත්-දුඹුරු පැහැ පස මිටියාවතේ අග හමුවන ජලය අඩුවන බසින අලු පැහැ පස් අතර අතිප්රමුඛ පස් වර්ගයකි.
සංචාරක කර්මාන්තය
2009 අගෝස්තු මාසයෙන් අවසන් වන මාස හය තුල උද්‍යානය මිලියන 18.2 ක ආදායමක්
උපයා ඇත.1994 සිට 2001 දක්වා කාලය තුළ 423,000 ක පමණ පිරිසක් වනෝද්‍යානය
නැරඹීමට පැමිණ ඇති අතර ඉන් 20% විදේශිකයින් වේ.1998-2001 කාලය තුල මධ්‍ය
වාර්ෂික ආදායම යුරොපීය ඩොලර් 280,000 කි. උඩවලව වන සතුන් සතර දෙනෙකුගේ
සේයාරූ රැගත් මුද්දර 2007 ඔක්තොම්බර් 31 වන දින ශ්‍රී ලංකාවේ ජාතික
උද්‍යාන" යන පෙළ යටතේ නිකුත් විය.
සංරක්ෂණය
ස්වහාවික වනය විනාශ කරමින් පයින් සහ කපුරු විශේෂ වගා කිරීම වලවේ ගඟේ ජල මට්ටම අඩු වීමට හේතු වී ඇත. මනුෂ්‍ය ජනාවාස, හොර දඩයම්, මැණික් කැණීම්, නීති විරෝධී ඇතුලු වීම්, අධික උලාකෑම් සහ හේන් ගොවිතැන් කිරීම් උද්‍යානයට ප්‍රධාන තර්ජනයක් වී ඇත. Lantana camara සහ Phyllanthus polyphyllus යන වල් පැළෑටි අලින්ගේ ආහාර පැළෑටි වලට තර්ජනයක් වී ඇත. නීති විරෝධී තුවක්කු බැඳීම් හේතුවෙන් අලින්ට වෙඩි වැදීම් ද වාර්තා වී ඇත
i am very proud of u .
ReplyDeletethnq so mch........
DeleteThis comment has been removed by the author.
ReplyDelete